0 Shares 11 views

Home » ඔබටත් ඉඩක් » ‘Meri Pyaari Bindu’ (2017)

‘Meri Pyaari Bindu’ (2017)

4 months ago
11 views

වසරේ නැරඹූ හොඳම කතන්දරයක් විදිහට “බින්දු”ගෙ කතාව ගැන කතා කළ යුතුමයි. එක පැත්තකින් මේක “බුබ්ලා”ගෙත් කතාව. “What kind of friendzone is that?” කියන සාධකය තමයි වස්තු බීජය. අරුම පුදුම ආදර හුටපටයක් තමයි. හැබැයි තකට තක පෑහෙන චරිත විස්තර දෙකක් අතරේ ගොඩනැගෙන ආකර්ශනීය බැඳීමක්. විටෙක Typical ආදර අන්දර පරදවන්නක් වගේම ඒක පාර්ශවීය පෙමක උච්චතම අවස්තාවක්. ඒක මුළුමනින්ම බර වෙන්නෙ පෙම්වතාගෙ පැත්තතට. ඕනෑම චරිතයකට වැඩි-නොඅඩු වශයෙන් ගානට මිම්මට ෆිට් වෙන Ayushmann Khurranaගෙන් සුපුරුදු cute performance එක එයාකාරයෙන්ම දකින්නට ලැබුනා. එතකොට අනිත් පැත්ත තමයි වඩාත් වැදගත්. කකුල් වලට රෝද හයිකරගත්ත, අත් වලට තටු හයි කරගත්ත දඟකාර, කටකාර, හැඩකාර “බින්දු”. Parineeti Chopra
ඒ සම්බන්ධයෙන් කැපී පෙනෙන නිරූපණයක් ඉදිරිපත් කරල තිබුනා. වසරේ දකින්නට හැකි ශක්තිමත්ම සුසංයෝගයක් වෙයි නොඅනුමානවම.
දකින්නට ලැබුනු කතන්දරේ වෙනස එකක්මත් නෙවෙයි. වෙනස තිබුනේ නිර්මාණකරුවා විසින් විස්තර ටික ඉදිරිපත් කරල තිබ්බ රටාවේ. හැමදාමත් වගේ “ගතියක්” තියෙන සංගීතයකින් Sachin-Jigar දායක වෙලා තිබ්බ එකත් වින්දනාත්මක පැත්තෙන් බලපෑවා. “බින්දු-බුබ්ලා” moments වැඩි හරියකම තිබ්බෙ හාස්‍යය වුනාට කතා පෙලගැස්ම පිළියෙල වෙලා තිබ්බ ආකාරයේ තිබුනේ විශිෂ්ඨ චරිත අධ්‍යයනයක්. වර්තමාන වාතාවරණයේ ඉඳන් අතීතයට කෙරෙන මතකාවර්ජන චාරිකාවක් එක්ක විටින් විට හොල්මන් කරන අහසින් වැඩම කරන දුර්ගා මාතා දර්ශනය තුල ඇවිස්සෙනසුළු කුතුහලයකුත් අඩංගු වෙලා තිබ්බා. සහය චරිත වල සහය මුළු චිත්‍රපටය පුරාම හොඳ මට්ටමකින් පැවතිලා තිබුනා. නමුත් අවසානය ගැන එකඟ වෙන්න පුළුවන්ද? හැබැයි එකඟ වුනත් නොවුනත් මේ කතන්දරයට හිමි විය යුතු නියමම Version එක තමයි කියල අකමැත්තෙන් වුනත් පිළිගන්නටම ඕන. ඒ තමයි අමුම අමු “Reality version”
එක.
ඉහළින්ම රසවිඳි Fun ride movie එකක් විදිහට වෙනසක් අත්විඳි චිත්‍රපටයක් විදිහට නිර්දේශ කරන්න කැමතියි.

විචාරය Luckshman Aranwala වෙතින්.

දිගටම අප සමඟ රැඳිසිටින්න සොයුර..

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 12 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category