0 Shares 89 Views

සුභ දවසක් හැමෝටම. මේ පාර මං අරගෙන ආවේ සුපිරි තෙළිඟු ෆිලුමක්. මුලින්ම මේක බාරදීම සම්බන්ධයෙන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට හා හසන්ත වික්‍රමරත්න සොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ස්තූතියක් හිමිවෙනවා සඳුන් ධනුෂ්ක සොයුරාට. එයාගේ සොයාබැලීම නිසා තමයි මේ ෆිලුම කලින් ගේන්න පුළුවන් වුනේ. නැත්නම් වැඩත් එක්ක ඒක කරන්න බැරි දෙයක්. ඒ අතරම මගේ කලින් උපසිරැසි නිර්මාණය වන Blame! (2017) ඇනිම් කතාවට අදහස් දක්වපු හැමදෙනාටමත් මේ එක්කම ස්තූති කරනවා..

චිත්‍රපටය ගැන චුට්ටක් කියන්නම්. ලොකු ලිපි ගහන්න නම් වෙලාවක් නෑ. බෝයපති ශ්‍රිනු විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන මේ ෆිලුම නිකුත් කරේ 2016 අප්‍රේල් 22 වෙනිදා. ප්‍රධාන චරිතෙට (‘ගනේෂ්’ එහෙම නැත්නම් ‘ගනා’) රගපාන්නේ අපි හැමෝම දන්න ස්ටයිලිශ් ස්ටාර් අල්ලු අර්ජුන් තමයි ඉතිං. තව සුරූපී රාකුල් ප්‍රීත් සිංග් හා කැතරීන් ට්‍රීසාත් රංගනයෙන් දායක වෙනවා. දුෂ්ටයාට ඉන්නේ ආධි. මේ චිත්‍රපටයට IMDb අගය 6.2ක් ලබා ගන්න හැකිවෙලා තියෙනවා.

ගනේෂ් කියන්නේ තමන්ගේ ජීවිතේ ගැන කිසිම අරමුණක් නැති, තාත්තාගෙන් බැනුම් අහ අහ ඉන්න කෙනෙක්. එයාගේ තාත්තා ප්‍රධාන ලේඛම්. ගනා ගොඩක් හිතවත් එයාගේ මාමා ශ්‍රීපතිට. එයා නීතිඥයෙක්. එයාට වෙන දරුවෝත් නැති නිසා ගනාට ගොඩක් ආදරෙයි. ගනා හමුදාවෙත් ඉදල, ඒකෙ උසස්වීම හම්බෙන්න කලින් රස්සාව දාලා ආපු කෙනෙක්. මෙයාගේ වැඩේ තමයි නීතියෙන් යුක්තිය ඉටු වෙන්නේ නැති අයට යුක්තිය ඉටු කරලා දෙන එක. එතකොට ධනූෂ් (ආධි) කියන්නේ සී.එම් ගේ පුතා.. හොඳ දෙයක් කියල නම් කිසි දෙයක් කරන්නේ නෑ. ඔහොම යද්දී තමයි ගනේෂ්ට මේ දේශපාලුවගේ අපරාධ වැඩත් අහුවෙන්නේ. ඔයිට වඩා විස්තර කරන්න නම් බෑ ඉතිං. මොකද එච්චර ලිපි ලිවීමේ හැකියාවක් නෑ. කට්ටිය අරගෙන බලන්නකෝ. ෆිලුම සුපිරි නිසා කොහොමත් බාගන්නවා කියල මං දන්නවා.

සමහරවිට මේ ෆිලුමට තව සුපිරි ලිපියක් එකතු වෙලා තියෙයි. එහෙම වුනොත් එයාට ගොඩාක් ස්තූතියි. හරි එහෙනම්, අපි යන්න හදන්නේ. ආහ්, තව දෙයක්. උපසිරැසියේ මොනමහරි අඩුපාඩුවක් තිබුනොත් සමාවෙන්න. මොකද මේ මගේ දහවෙනි උපසිරැසිය වුනත්, ඉන්දීය සිනමා නිර්මාණයකට උපසිරැසි කරපු පළමු වතාව. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු..

උපුටා ගැනීම baiscopelk වෙතින්

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category