0 Shares 87 Views

Home » චිත්‍ර පටි » The Road Home (1999) AKA Wo de fu qin mu qin

The Road Home (1999) AKA Wo de fu qin mu qin

1 month ago
87 Views

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “Anthropoid (2016 )ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම…. ”  උපසිරැසියට එක වචනෙකින් හරි අදහස් දක්වපු , ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සම්බන්ධ උන හසන්ත වික්‍රමරත්න සහෝ ටත්. ඒ වගේම විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන මට මේකේ හොද කොපියක් හොයා ගන්න උදව් කරපු වාසල සහෝට.

මීට මාස කීපෙකට කලින් බොහොම අහම්බෙන් මගේ ඇහැ ගැටුනු පුවත්පතක (දිනමිණ හෝ සිලුමිණ) ජීවිතේ එක්වරක් හෝ නැරඹිය යුතු බොහොම ආදරනීය සිනමා සිත්තමක් ගැන ලස්සන ලිපියක් පලවෙලා තියනවා මම දැක්කා. නමුත් ඒ වෙලාවේ ඒක කියවන්න තරම් වෙලාවක් තිබුනේ නැති නිසා ෆෝන් එකෙන් ඒ ලිපියේ ෆොටෝ එකක් ගහ ගත්තා පස්සෙ වෙලාවක කියවලා බලන්නම් කියලා. ඒත් ඉතින් ඒක එහෙම්මම අමතක වෙල ගියා කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒත් පහුගිය දවසක අහම්බෙන් වගේ  මගේ ෆෝන් එක අතට ගත්තු මගේ මිතුරියක් මේ ලිපිය කියවලා මගෙන් ඒ ගැන ඇහුවාම තමයි මටත් මතක් වෙලා  ඒ ලිපිය කියවලා බැලුවේ. ලිපිය කියවපු මම ඒ වෙලාවෙම සියලු වැඩ අත්හැර මේ ෆිල්ම් එක හොයන්න ගත්තා. කොහොම හරි මේ ෆිල්ම් එක ගැන හොයද්දි බයිස්කෝප් අඩවියේ මේක ගැන සබ් එකක් නැතත් ලිපියක් තියනව දැක්කා. අන්තිමේදි වාසල සහෝගෙ උදව්වෙන් හොද කොපියකුත් හොයාගෙන ෆිල්ම් එක බලපු මම අනිත් වැඩ ටික පැත්තකට දාල මේකට සබ් එකකුත් දාලයි නතර උනේ. මොකද මල් ගස් වටේ කැරකි කැරකි සිංදු කියන සීනි බෝල ආදර කතා වලට වඩා හුගාක්ම වෙනස් ආදර කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තිබුනේ.

විවිධ සම්මාන උලෙළවල් වලදී සම්මාන 22කට නිර්දේශ වෙලා ඒවයින් 16 ක් ම දිනා ගත්තු IMDb දර්ශකයේ 7.9/10ක්, Rotten Tomatoes දර්ශකයේ 89%ක් ගත්තු මේ ආදර කතාව ගැන මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක වචන වලින් කියන්න බැරි තරමටම සුපිරි සිනමා නිර්මානයක් නිසා. ලැබිලා තියන සම්මාන ගානෙම්ම හිතා ගන්න පුලුවන්නෙ මේක මොනතරම් සුපිරි ආදර කතාවක්ද කියන එක ගැන. ඒත් මම පුංචි ඉගියක් විදියට එක ප්‍රශ්නයක් විතරක් අහන්නම්. ඔයාලට කවදා හරි තිබිලා තියනවද කියා ගන්න බැරි නිසා හිතින් විතරක් කරපු ආදරයක්? ඒ වගේම එයාගෙ කටහඩ ටිකක් අහ ගන්න, ඈත ඉදලා හරි දැක ගන්න, එයාගෙ මූනෙ පුංචිම හරි හිනාවක් දැක ගන්න ඕනෙ පරිප්පුවක් කන්න පුලුවන් විදියෙ ආදරයක්? මොනවා උනත් මේ සුපිරි සිනමා සිත්තම රසවිදින්න ආදරය කරන, ආදරය විදින, ආදරය හොයන හැම ආදරනීය හදවතකටම ආරාධනා කරනවා.

” නිසල වෙලා හද
නොසැලේ හසරැල්
ආදර රතදර යුගෙන් ඔබේ….
සසලව යයි සිත
මැලවුණු ඔබෙ වත
දෝවමි කඳුළැල්ලකින් මගේ….
ඔබ නැතිදා මේ ලෝකේ
තනිවේ මා දැවෙන සිතින්….”

ප.ලි
මේ ෆිල්ම් එකේ හොද කොපියක ටොරන්ට් ලින්ක්  TORRENTKING, thepiratebay වගේ වෙබ් අඩවි වලින් ගන්න පුලුවන්. ඒවගෙ තියනවා 1.37GB සහ 700Mb කොපි දෙකක්. සබ් එක ඔය කොපි දෙකටම ගැලපේවි. IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්රපට 250 අතුරින් 78 වන ස්තානයේ වැජඹෙන Requiem For a Dream (2000) චිත්රපටයේ සිංහල උපසිරැසියත් සමඟ නැවත හමු වෙමු.

The.Road.Home.1999.Mandarin.DVD.XViD.Eselworx.2003
The.Road.Home.1999.Mandarin.DVDRip.XViD-Eselworx

උපුටා ගැනීම baiscopelk වෙතින්

You may be interested

Shot Caller (film) චිත්‍රපටය අගෝස්තු 18 වෙනි දින තිරගත වීමට නියමිතයි.
Hollywood News
Hollywood News

Shot Caller (film) චිත්‍රපටය අගෝස්තු 18 වෙනි දින තිරගත වීමට නියමිතයි.

Wasana V - 1 min ago

Ric Roman Waugh විසින් අධ්‍යක්ෂණය කරන Nikolaj Coster-Waldau, Omari Hardwick, Lake Bell, Jon Bernthal, Emory Cohen, Jeffrey Donovan, Evan Jones, Benjamin Bratt, Holt McCallany යන අයගෙන් නිර්මාණය…

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category