0 Shares 110 Views

Kill Switch

ඉතින් ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමක් ගේන්නයි සුදානම.ටික දවසකින් බලපු හොද කතාවක් තියෙන සටන් ජවනිකා තියෙන නියම ෆිලුමක් මේක. ඉතින් මේ ෆිලුම රිලීස් වුනේ මේ අවුරුද්දේ ජුනි 16 වෙනිදා. ඉතින් මීට දවස් කීපයකට කලින් හොද කොපියක් ඇවිල්ල තිබ්බ නිසා අසංක අයියාගේ අවසරේ ඇතිව මේක හදන්න ගත්තා. ඒවගේම IMDb අගය 5.5 ක් වගේ හොද අගයක් ගන්න සමත්වෙලා තියෙන ෆිලුමක් වගේම එම දර්ශකයේ Sci-Fi යන කාණ්ඩයට අයත් වෙනවා. ඒවගේම කියන්න ඕනේ ඔයාලා Hardcore Henry ෆිලුම බලලා ඇතිනේ. ඒ තාක්ෂනෙම මේ ෆිලුමටත් භාවිතා කරලා තියෙනවා. හැබැයි ටිකක් වෙනස් විදියකට. විනාඩි 91 ක් පුර දිවෙන මේ කතාව කම්මැලි කමක් නැතුව හොදට රස විදින්න පුළුවන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො.

ඉතින් මෙයාගේ නම විල් පෝර්ටර්. එයා හමුදාවේ වැඩකරපු දක්ෂම ගුවන් නියමුවෙක්.එහෙත් දැන් එයා ඒ රස්සාව කරන්නේ නැහැ. ඒවගේම එයා එයාගේ සහෝදරියයි ඇයගේ පුතයි බලාගෙන සතුටින් ගෙදරට වෙලා ඉන්න කෙනෙක්. මේ අතරතුර එයාලගේ නගරයේ අලුත් අත්හදා බැලීමක් සිද්දවෙනවා. ඒ මොකද්ද කිව්වොත් ලෝකය දැනට බලශක්ති අර්බුදයකින් පෙලෙනව. ඒකනිසා එයට විසදුමක් හොයමින්. එයාලගේ විසදුමනම් කරන්න අමාරු වැඩක්. භායනක වැඩක්. ඒත් ඒක එයාලා දන්නේ නැහැ. ඒ මොකද්ද කිව්වොත් අපේ ලෝකය වගේ තව ලෝකයක් (ECHO Universe) එයාල නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කරන්න එයාලගේ විශාල කුළුණක් තියෙනවා ඒ හරහා එයාල විසින්ම තව අපේ වගේම විශ්වයක් නිර්මාණය කරලා ඒ ලෝකයෙන් එහෙමත් නැත්නම් ECHO Universඑකෙන් බලශක්තිය ලබාගන්නවා. කොහොමද වැඩේ. ඉතින් මේ කාර්යට විල් පෝර්ටර් වත් සම්බන්ධ කරගන්නවා ඒ මොකද කිව්වොත් එයා ගුවන් නියමුවෙක්. ඒවගේම එයාගේ කාර්ය වන්නේ යම්කසි උපකරණයක් තියෙනවා (ඒ මොකද්ද කියලා ඔයාලට ෆිලුම අතරතුර බලාගන්න පුළුවන් වෙයි. ඒ දේ තමයි මේ හැමදේටම මුල වෙන්නේ) ඒ උපකරණෙ ECHO Universe එකේ බලය විහිදුවන් කුලුනට සම්බන්ධ කිරීම තමා එයාගේ රාජකාරිය. එහෙත් එයාගේ සහෝදරිය සහ පුතාගේ අකමැත්ත නිසා ඔහු ඒ දේ අත්හරිනවා. ඒත් ඔහුව බලෙන්ම වගේ එයට රැගෙන යනවා. අන්තිමට මේ දේ සිද්දවෙනවා. ඒත් හැමදේම කණපිට හැරෙනවා. ලෝක දෙකම විනාශ වේගෙන යනවා. ගුරුත්වකරශය නිසා හැමදේම විනාශ වෙනවා. සත්තු මැරෙනවා. මිනිස්සු මැරෙනවා. හරියටම කිව්වොත් ලෝක විනාශය වගේ.ඒවගේම මේ දේ විනාශ කරන්න තව යම් කට්ටියක් කල්ලි ගැහිලත් ඉන්නවා, ඒ මේ විශ්වය බේරගන්න නිසයි. ඉතින් විල් පෝර්ටර් ගේ රාජකාරිය තමා මේ උපකරණෙ කොහොමහරි කුලුනේ රදවලා ඒකෙන්ම එය විනාශ කරලා දාන්න.මේකට එයාට මයිකල් කියලා යාලුවෙකුත් මුණගැහෙනවා. ඒවගේම මේ ව්‍යාපෘතිය දියත් කරපු සමාගමේ අය හදන්නේ අපේ ලෝකය විනාශ කරලා අලුත් ECHO Universe එක බේරගන්නයි,ඔවුන් කියන්නේ එක විශ්වයක් බේරගන්න අනිත් විශ්වය බිලි දෙන්න ඕනේ කියලයි.

මටත් කලින් කතාව තේරුම්ගන්න අමාරු වුනා.ඒත් අන්තිමේට තමා හැමදේම කතාව ගැන තේරෙන්නේ,ඔයාලත් බලන්න මම බොහොම පොඩි සාරාංශයක් කරේ.ඔයිට වඩා දේවල් මේ ෆිලුමේ සිද්දවෙනවා. ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා මේ ෆිලුම බලන්න කියලා.  එහෙනම් තවත් සුපිරියකින් හමුවෙන්නම්. ජය වේවා!!!

උපුටා ගැනීම baiscopelk වෙතින්

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category