0 Shares 119 Views

Home » චිත්‍ර පටි » Enthiran (2010) with Sinhala Subtitles

Enthiran (2010) with Sinhala Subtitles

1 month ago
119 Views

එන්දිරන් 2010 දමිළ, හින්දි, තෙලිඟු යන භාෂා 3කින් ම වර්ෂයේ තිරගත වූ චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂවරයා බොහෝමයක් දෙනා අඳුනන සුපිරි ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂක එස්.ශංකර් තමයි. සංගීතයෙන් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥ ඒ.ආර්.රහුමාන් ද එකතුවෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිත 3ක් ඇතුලත් වෙනවා. ඉන් ප්‍රධාන චරිතයන් 2ක් වන ඩොක්ටර් වසීගරන් හා චිට්ටි ලෙස සුපිරි තරුව රජිනිකාන්ත් විසින් රංගනයන් ඉදිරිපත් කරනු ලබනවා. ඒ වගේම බොලිවුඩ් සුරූපී නිළි ඓශ්වර්යා රායි ප්‍රධාන නිළිය සනාගේ භූමිකාව ඉදිරිපත් කරනු ලබනවා. අතිරේක චරිතයක් වශයෙන් දමිළ සිනමාවට නැතිවම බැරි විකටයා එන්.සන්තානම්, ශිවා ලෙසින් රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා.

මේ චිත්‍රපටය 2010 වසරේ ඉන්දියාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය වෙලා තියෙනවා. ඉන්දියානු බිලියන 1.32ක් බොක්ස් ඔෆිස් ආදායමක් මේ චිත්‍රපටයට තිබෙනවා. ඒ වනතෙක් ඒ මුදලට ආසන්න මට්ටමේ වත් ආදායමක් ඉපයූ චිත්‍රපටයක් නැහැයි කියලයි මං හිතන්නේ. මීට පසුව තමයි ඩන්ගල්, බාහුබලි, ඩූම්, පීකේ එහෙම ආවේ. මේ චිත්‍රපටයේ තාක්ෂණික පැත්තෙන්, හොඳ සහ නරක ගොඩාක් දේවල් තිබුණා. හොඳ දේවල් පිටු 1000ක් ලිව්වත් ඒකේ තියෙන සමහර නරක කාරනා තේරුම් කරන්න කෙනෙක් පිටු 2000ක් යොදාගන්නා ආකාරයේ චිත්‍රපටයක් තමයි මේක. මොකද මේ චිත්‍රපටයේ ඕනවට වැඩිය ටෙක්නිකල් ඉෆෙක්ස් එකතු කරපු අවස්තා තිබුණා, විශේෂයෙන්ම “අරිමා… අරිමා…” සින්දුවේ බලාගන්න පුළුවන් වැඩේ. රජිනිකාන්ත් කොල්ලට රඟද්දිත් අඩුපාඩු මතුවෙන තැන් තියෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ 2 කොටසක් 2018 වසරේදී 2.0 නමින් එළිදැක්වීමට සූදානම්ව තිබෙනවා.

කතාව පැත්තට ගියොත්, ඩොක්ටර් වසීගරන් තමන්ගේ විද්‍යාගරේ නව සොයාගැනීමක් කරමින් ඉන්නේ. වෙන මොනවත් නෙමෙයි රොබෝවෙක්, නිකම්ම රොබෝවෙකුත් නෙවෙයි. උසස් තාක්ෂණික මිනිස් රූපී රොබෝවෙක්. මේ රොබෝ පරීක්ෂණ මට්ටමේ තිබුණ කාලේදි පවා ඒ ලැබ් එකේ හිටපු ශිවාටයි, රවීටයි කරදර. දැන් මෙහෙම නම් හදල ඉවර වුනාම කොහොම වේවිද? අන්න ඒ තරමට කරදරකාරියි. වසීගරන්ගේ පෙම්වතිය සනා, එයා වසීගරන් එක්ක පුදුම තරහකින් හිටියේ. එයාලා වෙන් වෙන්න තීරණය කරණය කරනවා. නමුත් වසීගරන් එයාව ආයේ යාළු කරගන්නෙත් පුදුම විදිහකට. ඩොක්ටර් වසීගරන්ගේ වුවමනාව චිට්ටිව හමුදාවට බාර දෙන්න. මොකද ඔහුට මිනිසුන් 100කගේ බලය හා බුද්ධිය තියෙන නිසා එයාට තනිවම යුද්ධයකදි යුද්ධ කරන්න පුළුවන්, එතකොට හානි වෙන මිනිස් ජීවත ආරක්ෂා කරන්න පුළුවන්. නමුත් මේකට කැපිලි දාන්න කෙනෙකුත් එකතු වෙනවා. ඔහු කියන්නේ රොබෝව අනුමත කරන්න රොබෝට මිනිස් හැඟීම් තියෙන්න ඕනේ කියලයි. වසීගරන් රොබෝට හැඟීම් ලබා දෙන්න බොහෝ මහන්සි වෙනවා. ඒත් ප්‍රතිඵලයක් නැහැ. එක දවසක වසීගරන් එළිමහනේ ඉඳන් මිනිස් හැඟීම් ගැන කියා දෙමින් ඉන්න වෙලාවක චිට්ටිට අකුණක් වදිනවා. දේව හාස්කමක් නිසා එතැන් පටන් මෙයාට මිනිස් හැඟීම් ගලා එනවා. හැඟීම් ආවට පස්සේ මනුස්සයෙක්ට දැනෙන සතුට, කෝපය, ආදරය ඔක්කෝම මිනිසුන්ට වගේම දැනෙනවා. මෙයා මේ එක්කම විශ්වකර්ම වැඩකුත් කරනවා. ඉස්සරහට මොනවා වේවිද? මෙයාව හමුදාවට බඳවා ගනියිද? වසීගරන්ගේ බලාපොරොත්තු ඉටු වේවිද? සුන් වේවිද? බලන්නකෝ…

මේක තමයි මගේ පළමු උපසිරැසිය. ඒත් මීට කලින් මේ අඩවියට දෙන්න කියලා එක චිත්‍රපටයක වැඩක් කලා. ඒක වෙන කෙනෙක් බාරගත් එකක් නිසා ඒක අහිමි වුණා. ඊට පස්සේ තමයි මේකට හැරුණේ. මොකද මම මේ චිත්‍රපටයට ගිය අවුරුද්දේ ඉඳන් එකක් හදාගෙන ආවා. මගේ තෘප්තියට. මේක මම ආයෙත් මුල ඉඳලා සති දෙකයි දවසකින් සම්පූර්ණ කළා. මොකද මේ දවස්වල ආයේ ඉස්කෝල පටන් ගත්ත නිසා කාර්යය බහුල වුණා. කොහොම හරි චිත්‍රපටය බලලා අඩුපාඩු ගැන අදහස් දක්වන්න. ඒකට සමාව දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

උපුටා ගැනීම baiscopelk වෙතින්

 

You may be interested

Shot Caller (film) චිත්‍රපටය අගෝස්තු 18 වෙනි දින තිරගත වීමට නියමිතයි.
Hollywood News
Hollywood News

Shot Caller (film) චිත්‍රපටය අගෝස්තු 18 වෙනි දින තිරගත වීමට නියමිතයි.

Wasana V - 4 mins ago

Ric Roman Waugh විසින් අධ්‍යක්ෂණය කරන Nikolaj Coster-Waldau, Omari Hardwick, Lake Bell, Jon Bernthal, Emory Cohen, Jeffrey Donovan, Evan Jones, Benjamin Bratt, Holt McCallany යන අයගෙන් නිර්මාණය…

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 4 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category